Wednesday, November 24, 2010

ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව 2

මුලින්ම මගේ ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව-1  ලිපියට අදහස් දැක්වු , අයට ස්තූතියි... ඔන්න අද ADSL කතාවේ ඉතුරු ටික කියන්න හදන්නේ , ඔන්න ඉතින් Telicom එකේ  සිටිලින්ක් Phone එකක බිලට පොල්ලකුත් තියලා තියෙන නිසා, අම්මගෙ නමට ඉල්ලුම් පත්‍ර ටික පුරවලා තිබ්බා. කිව්වා වගේම ඊලග දවසෙ මෙයාලා ආවා .සල්ලිත් 8000.00 අරගෙන වැඩේ හරි සතියෙන් දෙන​වා කියලා කිව්වා​. මටත් ඉන්ටනෙට් ඕනම දවස් ටික CCNA ඩම්ප් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන .ADSL දෙනවමයි කිව්ව නිසා දැන් Router එකක් ගන්නත් එපැයි , සල්ලිත් නැති නිසා මොබිටෙල් මමම අන්ලොක් කර ගත්ත (අන්​ලොක් කරගන්න විදිහ බලන්න මෙතන ඔබන්න)ඩොන්ගල් එකත් දවස් දෙකෙන් තුනෙන් විකුණුවා.. අනේ හපොයි මමත් කර ගත්ත දෙයක්, ඉන්ටනෙටි නැතුව දැන් නින්ද යන්නෙත් නෑ.. කොහොමෙන් හරි සතියක් ගියා අවසානෙ මට ADSLලුත් නෑ ඩොන්ගල් එකත් නෑ.. ගෙදරට ආව ටෙලිකොම් එකේ අයට කෝල් කලා හරි හරි අපි ඉල්ලුම් පත් බාර දීලා තියෙන්නෙ වැඩේ කෙරෙයි. හැමදාම ඔය ටික තමයි කියන්නෙ, ඉවසගෙන ඉන්න බැරිම තැන ඔෆිස් එකේ කෑම වෙලාවට පැනගත්තා. මමත් කිව්වා ආව අය නම් කිව්වා ඉතින් මට සතියෙන් ADSL දෙනවා කියලා මට ඉගෙන ගන්න දේවල් වලට ඕනෙ කරලා තියෙනවා පුලුවන් නම් මේක ඉක්මනට කරගා දෙන්න කියලා..ඇත්තමයි ගත් කටටම lකිව්වා හරි අද හවස නැත්තම් හෙට උදේ අනිවාර්යෙන් එනවා කියලා.. මමත් බොහොම ස්තූතියි කියලා ආවා.. ඔයාලා මොකද හිතන්නෙ මගෙ ADSL සිහිනය සැබෑ වෙයිද බොද මීදුමක් වෙයිද...

6 comments:

dinesh said...

අනිවා කිව්ව විදියටම එයි.මොකද ඔය ඉගෙන ගන්න කතාව කිව්වම උන් මාර සැලකිල්ලක් තියෙන්නෙ.

Aditha Jayasuriya said...

මට නම් ඔහොම දෙයක් වුනේ නෑ. කෙලින්ම ඕඩර් කරලා දවස් දෙකයි වුනේ ගෙදරටම ඇවිත් හයිකරල දීල ගියා :D හැබැයි මම ADSL ගත්තේ 2006 දී! :D

CBTBlogger said...

මමත් ADSL ගත්තෙ මීට්ස් මාස දෙකකට විතර කලින්.මටත් දවස් දෙකෙන් දුන්න.ලගදි ඒකෙ ස්පීඩ් අඩු උනා කියල කියුවමත් පැය දෙකකින් විතර අවිල්ල පොඩ්ඩක් ඒ ගෑනත් හොයල බැලුව.හැබෙයි වැඩක් උනෙ නම් නෑ :D.නමුත් සේවව නම් හොදයි :)

Sanjaya said...

උඹලට කියන්න, මට ADSL Connection එක දුන්නෙ සති 3ක් ගිහින් බන්.. මුලින්ම කිව්වෙ සතියෙන් දෙනව කියලයි, නමුත් දුන්නෙ සති තුනකුත් පහුවෙලා.. මම SLT එකට ගිහින් කෑ නොගහන්න ඔයිටත් වඩා කල් යන්න තිබ්බ..

පුබුදු අලහකෝන් said...

Mama masa 03 vithara hitiya

ප්‍රියංක ‍පොටෝ said...

ඔය SLT කාරයො මහ එපා කරපු උන් මට කුණුහරැප ලියවෙන්න එනවා මම නවතින්නම්

Post a Comment