Monday, December 13, 2010

Firefox වල සිංහලෙන් ටයිප් කරන්න qsfox Add-one....


මේක සමහර විට ඔයාලා දැනටමත් දන්නවා ඇති.නොදන්න අය කරලා බලන්නකෝ.මුලින්ම ඔයාලට Firefox Download කරගන්න ඕන නම් පහත Download යන්න මත Click කර Download කරගන්න.

Mozilla Firefox  මෙතන ඔබන්න

දැන් අපි firefox browser එකට qsfox add-one එක ඉන්ස්ටෝල් කරගන්න ආකාරය බලමු.පහල ඇති ලින්ක් එකට ගොස් ඉන්ස්ටෝල් කරගන්න.
ඉන්ස්ටෝල් qsfox add-one     මෙතන ඔබන්න



එවිට ඉහත රූපයේ ආකාරයට පේජ් එකක් ලෝඩ් වෙනු ඇත.එහි Add To Firefox ක්ලික් කරන්න.
ඉන් පසු පහල ඇති ආකාරයේ වින්ඩෝ එකක් එනු ඇත.



එහි නිල් පාටින් ඇති Add to Firefox යන්න මත ක්ලික් කල පසු පහත ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙනු ඇත එහි Install Now මත ක්ලික් කරන්න.
 ඉන්ස්ටෝල් වී අවසන් වූ පසු Firefox Browser එක Restart කරගන්න.

            භාවිතා කරන අන්දම

ස්තාපනයෙන් පසු Firefox status bar හි අළුත් අයිකන දෙකක් එකතුවෙයි.


  1. qsFOX අයිනය ක්ලික් කිරීමෙන් ඔබට විජේසේකර යතුරු පුව‍රුවේ සැකැස්ම හා singlish භාවිතා කරන අන්දම පිළිබඳව දැනුවත් විය හැක.
  2. ඊට යාබදවම ඇති EN අයිනය ක්ලික් කිරීමෙන් යතුරු පුවරු මාරුවීමටත් දැනට ක්‍රියාත්මකව පවතින යතුරුපුවරුව පිළිබඳව දැනුවත් විමටත් හැකිය.
    • එහි EN යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ ඉංග්‍රීසි යතුරු පුවරුවයි.
    • එහි වි යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ විජේසේකර යතුරු පුවරුවයි.
    • එහි සි යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ singlish යතුරු පුවරුවයි.

                                  F8     :- ඉංග්‍රීසි යතුරු පුවරුව.
                                  F9     :- විජේසේකර යතුරු පුවරුව.
                                  F12    :- singlish යතුරු පුවරුව.

Firefox Slow වෙලාද , මෙන්න පිළියම...

ඔයාලත් පාවිච්චි කරන්නේ Firefox නම් වේගය වැඩි කරගන්න නියම ක්‍රමයක් තමයි මම කියලා දෙන්න යන්නේ.මේ වැඩේ හරිම සරලයි ඔන්න බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.මුලින්ම පහල තියෙන DOWNLOAD මත Click කර SpeedyFox Download කරගන්න.තව දෙයක් මේක Run කරනකොට Firfox Exit කරන්න ඕන.ඒ නිසා මේක කරන ආකාරය හොදට බලා ගන්න.පහල තියෙන රෑපයේ ආකාරයට SpeedyFox Run කරාට පසු මුලින්ම ලැබෙන වින්ඩෝවෙහි ඈති Speedy Up My Fox ! බොත්තම ඔබන්න.
                                  
                          

දැන් ඉතින් ඔයාලගේ පරිගණකයට පහත රෑපයේ දැක්වෙන ආකාරයට Install වෙනවා බලාගන්න පුලුවන්.

ඔන්න දැන් මේක ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම ඔයාලගෙ Firefox Browser එක Run කරලා බලන්න.ඊට පස්සේ මේකෙ හොද නරක කියන්නකො....

Firefox වලටත් සිංහල ඩික්ෂනරියක්...

Firefox වෙබ් බ්‍රවුසර් එකටම ඩික්ෂනරි එක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.මේක Add-ons එකක් මුලින්ම පහත ලින්ක් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න.

Download ingiya add-ons   මෙතන ඔබන්න

ඉන් පසු පහත රූප සටහන්වල දැක්වෙන ආකාරයට හා එම උපදෙස් අනුව ඉන්ස්ටෝල් කරගන්න.

 


 මෙතන ඔයාලගේ Firefox පෙන්නන්නෙ නැත්තම් Browse ක්ලික් කරන්න එතනින් Program Files වලට ගොස් Mozilla Firefox folder එකේ firefox අයිකන් එක සිලෙක්ට් කරන්න.
ඒ ඔක්කොම හරි නම් දැන් OK කරන්න.දැන් පහත රූපයේ ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි.



 එහි Install Now ඔබන්න.ඉන් පසු පහත රූපයේ ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි.


දැන් Restart Firefox ක්ලික් කරන්න.දැන් බලන්නසිංහල ඩික්ෂනරිය වැඩ කරනවද කියලා.

Wednesday, December 1, 2010

බිලොග් ලිවිල්ලත් එපා උනා...

ගොඩක් දවස් ඉදන් සිංහල බිලොග් කියවලා කියවලා මටත් හිතුනා බිලොග් එකක් ලියන්න.. ඒත් ඒක ආරම්භමේදීම ඇති උනේ නම්, කලකිරීමක්.. ඒකත් බිලොග් ලියන්නන් අතරම සිටින, එක ආතක් පාතක් නැති, අම්මෙක් අප්පෙක් නැති නින්දිත පුද්ගලයෙක් නිසා...බිලොග් ලිපියන් ලියන්න කොච්චර මහන්සියෙන්ද, අනිත් කාරනාව තමා බ්ලොග් ලිපියක් බලන්න කියලා කාටවත් බල කිරීමක් නෑනෙ, කාටත් නිදහසක් තියෙනවනේ ඕන නම් බ්ලොග් ලිපිය කියවන්නත් අනවශ්‍ය නම් නොකියවා ඉන්නත්.. නමුත් මෙම හීරෝ නම් අනුවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයා, මහා අමනුෂ්‍ය විදිහට මුලු බ්ලොග් ලිපි පුරාවටම මහම මහ කුනුහරුප ලියලා අදහස් පල කරලා ..මානසික මට්ටමෙන් අඩු මෙවන් පුද්ගලයන් නිසා බ්ලොග් ලිවීමත් එපා උනා.. අපි හැමෝම කරන්නෙ තමන්ගෙ අදහස් බෙදාගන්න ගමන් අලුත් අත්දැකීම් අනිත් අයටත් ලබා දීමයි.. ඒත් මේ වගේ තමන්ගෙ අම්මා ගැනම මහ පිලිකුල් විදිහට කුනුහරුප අදහස් දක්වන මිනිහෙක් නිසා පුදුම කල කිරීමක් ඇති වෙලා තිබෙන්නේ.. මෙවන් බාල මානසිකත්වයෙන් ක්‍රියාවන් නිසා බ්ලොග් ලිවීමට තිතක් තිබීමටද සිතේ.. මගේ මෙම බිලොග් අඩවිය සමග රැදුනු හැමෝටම ස්තූතියි

Friday, November 26, 2010

SLT තාම ගත්තෙ නැද්ද...ඹක්කොම එක තැන

ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි  මේක.. ඩවුන්ලෝඩ් කර ගෙන ඉන්ස්ටෝල් කරලා ටෙලිකොම් අංක ගහලා බලන්න.. ලිපිනය හොයා ගන්න පුලුවන්.. අරගෙනම බලන්නකෝ.. කැමති එකක් ඩවුන්ලෝඩ් කර ගන්න දැන් ඉතින් ඔන්න අපිට SLT අංකවලින් නම් පාට් දාලා ඉවරයි..තුනම ගත්තොත් නම් එල කිරි තමා