Tuesday, November 23, 2010

දිය මත ඇවිදින්නේ කොහොමද....

මදුරුවන් ,දියමකුණන් වගේ කුඩා සතුන් දිය මත ඇවිදිනවා, ඔයාලා දැකල ඇති නේද..? කොහොම උනත් හැම ජීවියෙකුටම මේ හාස්කම කරන්න බෑ... දිමියෙක් කූඹියෙක් දිය මත ඇවිදින්න උත්සහ කලාට උන්ට මේ වැඩේ කරන්න බැරි වෙනවා. ජලය මත ඇවිදින සෑම සතෙකුගේම කකුල් දිගයි. ඒ වගේම උන්ගේ කකුල් කෙලවර අමුතු ආකාරයකට පිහිටා තිබෙනවා. මෙම ජීවීන්ට කොහොමද මෙහෙම ඇවිදින්න පුලුවන් උනේ, ඒකට හේතුව තමයි ජලය මතු පිට ඉතා තුනී ඇදෙන සුලු හමක් වගේ අපට නොපෙනෙන පටලයක් තිබෙනවා . ජල අණු එකතු වී මේ ආකරෙයට පටලයක් සෑදීමට පෘෂ්ඨික ආතතිය කියලා කියනවා. බර වස්තුවක් මෙම පටලය කඩාගෙන වතුරේ ගිලුනත් අර සැහැල්ලු සතුන්ගේ සිරුරේ පිහිටා තිබෙන සියුම් කෙදි අතර රැදෙන වාත කෝෂ මගින් පටලය නොකැඩී සිටීමට ඔවුන්ට හැකි වෙනවා .ඔන්න ඔහොම තමයි ජලය මතු පිට ඇවිදින්නේ..හැබැයි ඉතින් අපට නම් එහෙම ඇවිදින්න බෑ පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...