Wednesday, December 1, 2010

බිලොග් ලිවිල්ලත් එපා උනා...

ගොඩක් දවස් ඉදන් සිංහල බිලොග් කියවලා කියවලා මටත් හිතුනා බිලොග් එකක් ලියන්න.. ඒත් ඒක ආරම්භමේදීම ඇති උනේ නම්, කලකිරීමක්.. ඒකත් බිලොග් ලියන්නන් අතරම සිටින, එක ආතක් පාතක් නැති, අම්මෙක් අප්පෙක් නැති නින්දිත පුද්ගලයෙක් නිසා...බිලොග් ලිපියන් ලියන්න කොච්චර මහන්සියෙන්ද, අනිත් කාරනාව තමා බ්ලොග් ලිපියක් බලන්න කියලා කාටවත් බල කිරීමක් නෑනෙ, කාටත් නිදහසක් තියෙනවනේ ඕන නම් බ්ලොග් ලිපිය කියවන්නත් අනවශ්‍ය නම් නොකියවා ඉන්නත්.. නමුත් මෙම හීරෝ නම් අනුවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයා, මහා අමනුෂ්‍ය විදිහට මුලු බ්ලොග් ලිපි පුරාවටම මහම මහ කුනුහරුප ලියලා අදහස් පල කරලා ..මානසික මට්ටමෙන් අඩු මෙවන් පුද්ගලයන් නිසා බ්ලොග් ලිවීමත් එපා උනා.. අපි හැමෝම කරන්නෙ තමන්ගෙ අදහස් බෙදාගන්න ගමන් අලුත් අත්දැකීම් අනිත් අයටත් ලබා දීමයි.. ඒත් මේ වගේ තමන්ගෙ අම්මා ගැනම මහ පිලිකුල් විදිහට කුනුහරුප අදහස් දක්වන මිනිහෙක් නිසා පුදුම කල කිරීමක් ඇති වෙලා තිබෙන්නේ.. මෙවන් බාල මානසිකත්වයෙන් ක්‍රියාවන් නිසා බ්ලොග් ලිවීමට තිතක් තිබීමටද සිතේ.. මගේ මෙම බිලොග් අඩවිය සමග රැදුනු හැමෝටම ස්තූතියි