Wednesday, December 1, 2010

බිලොග් ලිවිල්ලත් එපා උනා...

ගොඩක් දවස් ඉදන් සිංහල බිලොග් කියවලා කියවලා මටත් හිතුනා බිලොග් එකක් ලියන්න.. ඒත් ඒක ආරම්භමේදීම ඇති උනේ නම්, කලකිරීමක්.. ඒකත් බිලොග් ලියන්නන් අතරම සිටින, එක ආතක් පාතක් නැති, අම්මෙක් අප්පෙක් නැති නින්දිත පුද්ගලයෙක් නිසා...බිලොග් ලිපියන් ලියන්න කොච්චර මහන්සියෙන්ද, අනිත් කාරනාව තමා බ්ලොග් ලිපියක් බලන්න කියලා කාටවත් බල කිරීමක් නෑනෙ, කාටත් නිදහසක් තියෙනවනේ ඕන නම් බ්ලොග් ලිපිය කියවන්නත් අනවශ්‍ය නම් නොකියවා ඉන්නත්.. නමුත් මෙම හීරෝ නම් අනුවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයා, මහා අමනුෂ්‍ය විදිහට මුලු බ්ලොග් ලිපි පුරාවටම මහම මහ කුනුහරුප ලියලා අදහස් පල කරලා ..මානසික මට්ටමෙන් අඩු මෙවන් පුද්ගලයන් නිසා බ්ලොග් ලිවීමත් එපා උනා.. අපි හැමෝම කරන්නෙ තමන්ගෙ අදහස් බෙදාගන්න ගමන් අලුත් අත්දැකීම් අනිත් අයටත් ලබා දීමයි.. ඒත් මේ වගේ තමන්ගෙ අම්මා ගැනම මහ පිලිකුල් විදිහට කුනුහරුප අදහස් දක්වන මිනිහෙක් නිසා පුදුම කල කිරීමක් ඇති වෙලා තිබෙන්නේ.. මෙවන් බාල මානසිකත්වයෙන් ක්‍රියාවන් නිසා බ්ලොග් ලිවීමට තිතක් තිබීමටද සිතේ.. මගේ මෙම බිලොග් අඩවිය සමග රැදුනු හැමෝටම ස්තූතියි

7 comments:

ඉලංදාරියා said...

ඔයා ඔවා ගන්න ගන්න එපා දිගටම බ්ලොග් එක ලියන්න කොමෙට් මොඩනෙට් කරන්න එතකොට හරි එහෙම් තමයි ගොඩක් අය කරල තියෙන්නේ ... කොහෙවත් යන කෙනෙක් නිසා ඔයා බ්ලොග් ලියන එක නතර කරන්න එපා මටත් ඔය විදිහට ලියලා තිබ්බා එත අපි ඔවා ගනන් ගන්න හොදනෑ ඔයා දිගටම් අබ්ලොග් එක ලියන්න.. මොකද මේ මිනිහා නිසා බ්ලොග් ලියන් එක නතර වෙනවනම් දෑන් සිංහල බ්ලොග් අවකාශයක් නෑති වෙනතරම් ඔහොම කරන අයට...ලොක ධර්මතවය උත්තර ඩෙවි....

Anonymous said...

උට පිස්සු ඉලංදාරියා කියනවා වගේ ඔයා කොමෙන්ට් මොඩි‍රේට් කරන්න. මට ඔකා ඔහොම කොමෙන්ට් දානවා මටත් මම ගනම් ගතතේ නැ. මමනම් කියන්නේ එක එක පිස්සොන්ගේ කතා අහලා ඔයා බ්ලොග් ලියවිල්ල නවත්වන්න එපා Plzzzzzzzzzzzzzzz

Anonymous said...

මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි
බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ.(එකෙක් නෙමෙයි සීයක් දෙසීයක් බිරුවත් ඔච්චරයී)
ඔයා දිගටම ලියන්න යාලුවේ.
අර උඩින් කස්ටිය කිව්ව වගේ කමෙන්ටු මොඩරේට් කරන්න.
එතකොට වැඩේ ගොඩ නෙව.
මගේ බ්ලොග් එකෙත් මුල්ම පෝස්ට් එකට ඔය කාලකන්නියා ඔය කියන විදිහෙම කමෙන්ට් එකක් දාල තිබ්බ.
මට පේන්නෙ මූ අලුතෙන් එන අයට බලපෑම් කරනව වැඩි ද කොහෙද.

මම ආයෙමත් කියන්නෙ බල්ලෙක් බිරුවට කන්ඳක් පාත් වෙන්නෙ නෑ.

Writer3744186549 said...

අනේ හපොයි. කෙනෙක් මොනව කිව්වත් ඒක තමන් භාරගත්තෙ නැත්තන්ම් ඒක අයිති වෙන්නෙ කියපු ලියපු කෙනාටමයි. මූ මටත් ඕනෙ තරම් බැනල තියෙනව. බනින්න බැරි ලිපිවලට නෝමල් කමෙන්ට් දාල තියෙනව. ඌ ගැන අනුකම්පා කරන්න. ඕව ගනන් ගන්නෙ නැතුව බ්ලොග් එක ලියන්න.

Kanishka Dilshan said...

Hero ගෙ සෙල්ලම් ඉවරයි බොරු හීරෝ දැන් ඔබේ අතේ ! | Fake Hero Exposed !

Unknown said...

http://www.mazbux.com/?ref=mahinda1995 you can earn money $10.00
3 days ago. go this link and free register.don't miss this chance

Unknown said...

http://wwwdilhanchaturanga.blogspot.com/search?updated-max=2014-08-04T01:02:00-07:00&max-results=7


mula idala clicksense magin slli hoyana heti denaganna uda link eken enna

Post a Comment