Wednesday, November 24, 2010

ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව

ඔන්න මමත් මොබිටෙල් ඩයලොග් දෙකම එපා වෙලා ADSL ගන්න හිතුවා .ඒත් ඉතින් අපිට ADSL තියෙනවද දන්නේ නෑනෙ... මමත් ගියා අනුරාධපුර ටෙලිකොම් එකට .අනේ කියලා වැඩක් නෑ පුදුම හොද සැලකිල්ලක් මෙන්න හවසම එනවා කිව්වා ADSL තියෙනවද බලන්න. මටත් හරි සතුටුයි හිතුවටත් වඩා ඉක්මනට මගේ ADSL සිහිනය සැබෑ වෙන්න යනවනේ... මමත් වෙනදටත් වඩා ඉක්මනට වැඩ ඈරිලා ගෙදර ආවා 4.30 ට ටෙලිකොම්ලා එනවා කිව්වනේ... මෙන්න බොලේ ඒ පාර වහිනවා මලා තමා දැන් නම් මුන් එන්නෙ නෑ මෙන්න එතකොටම මොබයිල් එකට කෝල් එකක් "හෙලෝ අපි ටෙලිකෙමේ එකෙන් ගෙදර හොයා ගන්න අමාරුයි පාර කියන්න" කොහොමෙන් හරි මෙන්න මෙයාලා ගෙදරට ආවා "මහත්තයෝ දැන් වහින නිසා අපිට ADSL චෙක් කරන්න බෑ අනිවාර්යෙන් මෙහෙට ADSL තියෙනවා දැන් වෙලාව නැති නිසා මේ ඉල්ලුම් පත් පුරවලා තියන්න අපි හෙටත් එනවා ගෙනියන්න සතියෙන් ලයින් දෙකම දෙන්නම්" එදා නම් ඇවිත් ගියා ඔයාලා හිතන්නෙ මොකද මෙයාලගේ සේවාව ඉතිරි දවස්වල කොහොම වෙයිද..?  Phone Line & ADSL ඒ දෙකම ගන්න මට කොච්චර දවස් යන්න ඇතිද...? ඔයාලගෙ අදහස් කියන්න... ඊට පස්සේ වෙච්ච දේ ඉදිරියට...

5 comments:

Anonymous said...

මම call කලාම එදාම Telecom එකෙන් ගෙදරටම ඇවිත් ADSL වල registration එක කලා. මෙහෙනම් කොහොමත් ADSL තියන පළාතක් නිසා අලුතින් check කරන්න ඕනි වුනේ නෑ. එළියට බහින්න ඕනි වුනේ router එක ගන්න විතරයි. ඒකත් Teleshop එකෙන් කරදරයක් නැතුවම ගත්තා. හැබැයි phone line එකයි ADSL line එකයි split කරගන්න එක මටම කරන්න වුනා. ඒක හරිම simple. දවස් 3 කින් supply එක දුන්නා. කරදරයක් නැතුව වැඩ. මුල සති 2 දි නම් Telekcom එකෙන් ගෙදරට දවස් දෙකක්ම call කරලා ADSL ගැන feedback එකක් ගත්තා. සේවය දැනට නම් අති විශිෂ්ටයි!

Ruksha said...

ස්තූතියි අචහස්වලට

ලාංකීය බ්ලොග් කියවනය said...

අ/පුර ටවුන් එකේද Adsl වැඩ කරන්නේ ? මාත් අපුර තමයි මටනම් එයාටෙල් තිත්ත වෙලා

Anonymous said...

කනෙක්ෂන් දෙනකොටනං ඔහොම තමයි... පස්සෙ කොහොම වෙයිද?

Ruksha said...

රැදිල ඉන්න ඉදිරියටත් මම ADSL ගත්ත විදිහ බලන්න

Post a Comment