Thursday, November 25, 2010

ශ්‍රී ලංකා ටෙලිකොම් අද නම් වැඩේ හරි වගේ...

අනේ හපොයි මට වෙච්ච හදිය.. ඔයාලා දන්නවනෙ වෙච්ච හදිය දන්නෙ නැති අය මෙතන ඔබලා කියවලා බලන්න. කොහොම හරි දවස් ​දෙකෙන් දෙනව කිව්වට ඒ වැඩේ හරි ගියෙත් නෑ.. දැන් නම් මගෙත් ඉවසීමේ සීමාව පැනලා. මමත් දැන් හැමදාම ටෙලිකොම් එකේ දැන් ගේටිටුව ලග ඉදන් හැමෝම අදුරනවා.. කොහොමෙන් හරි අපේ ඉස්කෝලෙ නිවත්තකචේතිය මහා විද්‍යාලය ඒකෙ අපිත් එක්ක හිටපු අයියා කාරයෙක් හම්බ උනා අම්මද බොල මේ යකා ටෙලිකොම් එකේනෙ වැඩ කරන්නෙ.. වෙචිච සීන් කේස් එකම කිව්වා. හරි මු නම්බර් එකයි විස්තර ඔක්කොම ගත්තා. දැන් නම් වැඩේ කෙරෙයි කියලා මටත් හිතුනා. දවස් දෙකයි ඒත් මට ADSL තියා ෆෝන් ලයින් එකත් නෑ ..දැන් අපේ ඔෆිස් එකෙත්, මගෙ ADSL සීන් එක නොදන්න කෙනෙක් නෑ... හැමෝම ෆුල් සපෝට් එක දෙනවා. ඔන්න අද වැඩට ගියාම කට්ටිම මට උපදෙස් දෙනවා අද කෙලින්ම ඉංජිනියර් ලගටම  යන්න කිව්වා. මමත් අද වැඩේ දෙන්නම් කියලා ගියා.. ගියාට මොකද මගේ කරුමෙ තමා ,මෙන්න අද ඉංජිනියර් ඈවිත් නෑනෙ... හැබැයි එතන හිටිය වෙන කෙනෙක් ලගට මට යන්න කිව්වා.. එයා එක්ක ටිකක් කතා කරලා ඉගෙන ගන්න ඒවයි, ඕවා මේවා කියලා, මෙයත් හතර වටේටම කෝල් කරලා, මගේ විස්තරත් ඔක්කොම පොතේ ලියාගෙන ,මේ පොතේ ලිව්වෝත් ඒක අනිවාර්යෙන්ම කෙරෙනවා කියලත් කිව්වා. මමත් ඒ කිව්ව දේ විශ්වාස කරලා ආවා.. කොහොම හරි ඊලග දවසේ හවස 4.15 ට විතර ලයින් එක දෙන්න කියලා ආව. ගෙදර ලග ඉදන් වයර් ඇද්දා මොකද හිතන්නෙ අද මට ෆෝන් ලයින් එකවත් ලැබෙයි කියලා හිතනවද ඔයාලා

6 comments:

දුකා said...

ඔන්න ඕකට තමයි ආසියාවේ ආශ්චර්‍ය කියන්නේ . .

බලන්න කොයි තරම් කාර්‍යක්ෂමද අපේ වැඩ . .

hiks

MMO said...

අදත් මොකක් හරි ඇබැද්දියක් වෙන්න ඇති මට නම් හිතෙන්නෙ :-/

Anonymous said...

දුර වැඩියි කියල කියයි

nimal said...

ෆෝන් ලයින් එක ලැබෙයි, ADSL නැතුව. :)

නිශ් said...

මට නම් දවස් දෙකෙන් දුන්නා ඇත්තටම හොඳ සේවාවකුත් ලැබුනා

සියපත් said...

අයි‍යෝ ! ඔයා මේ ෆෝන් ලයින් එකකුත් අලුතෙන් අරගෙනද ADSL ගන්න යන්නේ. එහෙනම් ඉතිං ඔය තරමින් හරි වැඩේ කෙරිච්ච එක මදැ... Land Line එකක් තියන කෙනෙකුට ADSL ගන්න එක නම් හරිම සිම්පල් වැඩක්. දැනට ADSL අරගෙන අවුරුදු 3ක් වෙනවා. කනෙක්ෂන් ගන්න ඇප්ලිකේෂන් එක බාර දෙන්න ගියාට පස්සේ තාම ටෙලිකොම් එක පැත්ත පලාතේ ගිහින් නෑ. බිල් ගෙවන්නේ තාත්තා. :-D කනෙක්ෂන් එකේ අවුලක් සම්බන්ධයෙන් ටෙලිකොම් එකට කෝල් කරලා තියෙන්නේ එකම එක වතාවයි. ඒත් අර නැවක් මුහුදේ කේබල් කඩාගෙන ගිහින් කනෙක්ෂන් Slow උන වෙලාවේ.

Post a Comment