Monday, December 13, 2010

Firefox වල සිංහලෙන් ටයිප් කරන්න qsfox Add-one....


මේක සමහර විට ඔයාලා දැනටමත් දන්නවා ඇති.නොදන්න අය කරලා බලන්නකෝ.මුලින්ම ඔයාලට Firefox Download කරගන්න ඕන නම් පහත Download යන්න මත Click කර Download කරගන්න.

Mozilla Firefox  මෙතන ඔබන්න

දැන් අපි firefox browser එකට qsfox add-one එක ඉන්ස්ටෝල් කරගන්න ආකාරය බලමු.පහල ඇති ලින්ක් එකට ගොස් ඉන්ස්ටෝල් කරගන්න.
ඉන්ස්ටෝල් qsfox add-one     මෙතන ඔබන්න



එවිට ඉහත රූපයේ ආකාරයට පේජ් එකක් ලෝඩ් වෙනු ඇත.එහි Add To Firefox ක්ලික් කරන්න.
ඉන් පසු පහල ඇති ආකාරයේ වින්ඩෝ එකක් එනු ඇත.



එහි නිල් පාටින් ඇති Add to Firefox යන්න මත ක්ලික් කල පසු පහත ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙනු ඇත එහි Install Now මත ක්ලික් කරන්න.
 ඉන්ස්ටෝල් වී අවසන් වූ පසු Firefox Browser එක Restart කරගන්න.

            භාවිතා කරන අන්දම

ස්තාපනයෙන් පසු Firefox status bar හි අළුත් අයිකන දෙකක් එකතුවෙයි.


  1. qsFOX අයිනය ක්ලික් කිරීමෙන් ඔබට විජේසේකර යතුරු පුව‍රුවේ සැකැස්ම හා singlish භාවිතා කරන අන්දම පිළිබඳව දැනුවත් විය හැක.
  2. ඊට යාබදවම ඇති EN අයිනය ක්ලික් කිරීමෙන් යතුරු පුවරු මාරුවීමටත් දැනට ක්‍රියාත්මකව පවතින යතුරුපුවරුව පිළිබඳව දැනුවත් විමටත් හැකිය.
    • එහි EN යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ ඉංග්‍රීසි යතුරු පුවරුවයි.
    • එහි වි යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ විජේසේකර යතුරු පුවරුවයි.
    • එහි සි යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ singlish යතුරු පුවරුවයි.

                                  F8     :- ඉංග්‍රීසි යතුරු පුවරුව.
                                  F9     :- විජේසේකර යතුරු පුවරුව.
                                  F12    :- singlish යතුරු පුවරුව.

Firefox Slow වෙලාද , මෙන්න පිළියම...

ඔයාලත් පාවිච්චි කරන්නේ Firefox නම් වේගය වැඩි කරගන්න නියම ක්‍රමයක් තමයි මම කියලා දෙන්න යන්නේ.මේ වැඩේ හරිම සරලයි ඔන්න බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.මුලින්ම පහල තියෙන DOWNLOAD මත Click කර SpeedyFox Download කරගන්න.තව දෙයක් මේක Run කරනකොට Firfox Exit කරන්න ඕන.ඒ නිසා මේක කරන ආකාරය හොදට බලා ගන්න.පහල තියෙන රෑපයේ ආකාරයට SpeedyFox Run කරාට පසු මුලින්ම ලැබෙන වින්ඩෝවෙහි ඈති Speedy Up My Fox ! බොත්තම ඔබන්න.
                                  
                          

දැන් ඉතින් ඔයාලගේ පරිගණකයට පහත රෑපයේ දැක්වෙන ආකාරයට Install වෙනවා බලාගන්න පුලුවන්.

ඔන්න දැන් මේක ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම ඔයාලගෙ Firefox Browser එක Run කරලා බලන්න.ඊට පස්සේ මේකෙ හොද නරක කියන්නකො....

Firefox වලටත් සිංහල ඩික්ෂනරියක්...

Firefox වෙබ් බ්‍රවුසර් එකටම ඩික්ෂනරි එක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.මේක Add-ons එකක් මුලින්ම පහත ලින්ක් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න.

Download ingiya add-ons   මෙතන ඔබන්න

ඉන් පසු පහත රූප සටහන්වල දැක්වෙන ආකාරයට හා එම උපදෙස් අනුව ඉන්ස්ටෝල් කරගන්න.

 


 මෙතන ඔයාලගේ Firefox පෙන්නන්නෙ නැත්තම් Browse ක්ලික් කරන්න එතනින් Program Files වලට ගොස් Mozilla Firefox folder එකේ firefox අයිකන් එක සිලෙක්ට් කරන්න.
ඒ ඔක්කොම හරි නම් දැන් OK කරන්න.දැන් පහත රූපයේ ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි.



 එහි Install Now ඔබන්න.ඉන් පසු පහත රූපයේ ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි.


දැන් Restart Firefox ක්ලික් කරන්න.දැන් බලන්නසිංහල ඩික්ෂනරිය වැඩ කරනවද කියලා.

Wednesday, December 1, 2010

බිලොග් ලිවිල්ලත් එපා උනා...

ගොඩක් දවස් ඉදන් සිංහල බිලොග් කියවලා කියවලා මටත් හිතුනා බිලොග් එකක් ලියන්න.. ඒත් ඒක ආරම්භමේදීම ඇති උනේ නම්, කලකිරීමක්.. ඒකත් බිලොග් ලියන්නන් අතරම සිටින, එක ආතක් පාතක් නැති, අම්මෙක් අප්පෙක් නැති නින්දිත පුද්ගලයෙක් නිසා...බිලොග් ලිපියන් ලියන්න කොච්චර මහන්සියෙන්ද, අනිත් කාරනාව තමා බ්ලොග් ලිපියක් බලන්න කියලා කාටවත් බල කිරීමක් නෑනෙ, කාටත් නිදහසක් තියෙනවනේ ඕන නම් බ්ලොග් ලිපිය කියවන්නත් අනවශ්‍ය නම් නොකියවා ඉන්නත්.. නමුත් මෙම හීරෝ නම් අනුවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයා, මහා අමනුෂ්‍ය විදිහට මුලු බ්ලොග් ලිපි පුරාවටම මහම මහ කුනුහරුප ලියලා අදහස් පල කරලා ..මානසික මට්ටමෙන් අඩු මෙවන් පුද්ගලයන් නිසා බ්ලොග් ලිවීමත් එපා උනා.. අපි හැමෝම කරන්නෙ තමන්ගෙ අදහස් බෙදාගන්න ගමන් අලුත් අත්දැකීම් අනිත් අයටත් ලබා දීමයි.. ඒත් මේ වගේ තමන්ගෙ අම්මා ගැනම මහ පිලිකුල් විදිහට කුනුහරුප අදහස් දක්වන මිනිහෙක් නිසා පුදුම කල කිරීමක් ඇති වෙලා තිබෙන්නේ.. මෙවන් බාල මානසිකත්වයෙන් ක්‍රියාවන් නිසා බ්ලොග් ලිවීමට තිතක් තිබීමටද සිතේ.. මගේ මෙම බිලොග් අඩවිය සමග රැදුනු හැමෝටම ස්තූතියි

Friday, November 26, 2010

SLT තාම ගත්තෙ නැද්ද...ඹක්කොම එක තැන

ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි  මේක.. ඩවුන්ලෝඩ් කර ගෙන ඉන්ස්ටෝල් කරලා ටෙලිකොම් අංක ගහලා බලන්න.. ලිපිනය හොයා ගන්න පුලුවන්.. අරගෙනම බලන්නකෝ.. කැමති එකක් ඩවුන්ලෝඩ් කර ගන්න දැන් ඉතින් ඔන්න අපිට SLT අංකවලින් නම් පාට් දාලා ඉවරයි..තුනම ගත්තොත් නම් එල කිරි තමා

චෞර රැජිණ ​පොත

ඔයාලට මතක ඈතිනෙ පහු ගිය කාලෙ ගොඩක් ප්‍රසිද්ධ වුන පොතන්නෙ මේක වික්ටර් අයිවන් මහත්තයාගේ මේ පොත ඔන අය පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න

ඩවුන්ලෝඩ් කරගන්න    මෙතන ඔබන්න

යන්න තියෙන දුර බලන්න මෙන්න විසදුම..

ලංකාවේ නගර නගර අතර දුර බලන්න මෙන්න කියාපු භාණ්ඩේ ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ

ඩවුන්ලෝඩ් කර ගන්න මෙතන ඔබන්න

දත්ත ආරක්ෂා කරගන්න මෙන්න ලොක් එකක්

Pcsecurity5.15 මේක ඉතින් කාට කාටත් වටිනවා...මොකද හැම කෙනාටම පෞද්ගලික දේවල් තියෙනවානේ... මේකෙන් පුලුවන් අපිට ඒ දේවල් ආරක්ෂා සහිතව ලොක් කරලා තියා ගන්න... මෙහි තියෙන විශේෂත්වය තමා වෙන ෆෝල්ඩර් ලොක් වගේ නෙමෙයි ,ෆෝල්ඩර් එක මතම ක්ලික් කරලා ලොක් කරන්නත්, අන්ලොක් කරන්නත් පුලුවන් පහසුකම් සපයලා කියෙනවා... තවත් වැඩ කෑලි ගොඩක් තියෙනවා.. ඔයාලත් අරගෙනම බලන්නකෝ...

Free - සරා සිහිනේ ඇල්බම් එක තාම ගත්තෙ නැද්ද..

ඔන්න භාතිය සන්තුෂ්ලගේ සරා සිහිනය ඇල්බම් එක තාම ඔයාලා ගත්තෙ නැත්තම්.. මෙන්න ඩවුන්ලෝඩ් කර ගන්න.. ඉස්සරහට තව ඇල්බම් දානවා දිගටම රැදිලා ඉන්න..

Thursday, November 25, 2010

දුරකථන අංකය තියෙනවනම් ලිපිනය මෙන්න

ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක නම් ,මේක පොඩි සොෆ්ටිවෙයාර් එකක්,, මේක ඩවුන්ලෝඩ් කර ගෙන ඉන්ස්ටෝල් කරලා ටෙලිකොම් අංක ගහලා බලන්න.. ලිපිනය හොයා ගන්න පුලුවන්.. අරගෙනම බලන්නකෝ හැබැයි ලගදි ගත්ත දුරකථන අංක නම් මේකෙන් හොයන්න බෑ...

Windows XP ජෙනුවින් කරල බලමුද...

මේ විදිහට XP ජෙනුවින් කරගත්තම ඔයාලට වාසි ගොඩන් තියෙනවා.මුලින්ම Download ලින්ක් එකෙන් මේ වැඩේට උවමනා Tools ටික Download කරගන්න.

දැන් RAR file එක Extract කරගන්න.Password එක ලෙස avakasya කියලා දෙන්න.දැන් කරන්න තියෙන්නේ හරි ලේසි වැඩක් මුලින්ම key finder application එක run කරන්න.



එවිට ඉහත ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි.එහි option වලට ගොස් Change windows key වලට යන්න.එවිට දැනට ඔබේ පරිගනකයේ පවතින product key එන පෙන්වනු ඈත.දැන් කරන්න තියෙන්නේ ඔයාලා Download කරගත්ත folder එකේ තිනේ Jenuin key folder එකේ තිබෙන key එක පරණ key එක තිබෙන තැනට දමා change product key button එක ඔබන්න.දැන් computer එක restart කරන්න.මේක කරලා බලන්නකෝ වැඩේ හරි ගියා නම් කියන්න ඉතිරි වාසිත් කියන්නම්.key එක මාරැ උනාද කායලා බලන්නේ නැවතත් keyfinder run කරලා new key එකට මාරු වෙලාද කියලා බලන්න..

මේ විදිහට ජෙනුවින් කර ගත්තම ඔයාලට
  • Microsoft Security Essentials දාගැනීමේ හැකියාව
  • Windows Media Player Updates  වගේ ජෙනුවින් ඔපරේටින් සිස්ටම් එකකට ලැබෙන පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා

ශ්‍රී ලංකා ටෙලිකොම් අද නම් වැඩේ හරි වගේ...

අනේ හපොයි මට වෙච්ච හදිය.. ඔයාලා දන්නවනෙ වෙච්ච හදිය දන්නෙ නැති අය මෙතන ඔබලා කියවලා බලන්න. කොහොම හරි දවස් ​දෙකෙන් දෙනව කිව්වට ඒ වැඩේ හරි ගියෙත් නෑ.. දැන් නම් මගෙත් ඉවසීමේ සීමාව පැනලා. මමත් දැන් හැමදාම ටෙලිකොම් එකේ දැන් ගේටිටුව ලග ඉදන් හැමෝම අදුරනවා.. කොහොමෙන් හරි අපේ ඉස්කෝලෙ නිවත්තකචේතිය මහා විද්‍යාලය ඒකෙ අපිත් එක්ක හිටපු අයියා කාරයෙක් හම්බ උනා අම්මද බොල මේ යකා ටෙලිකොම් එකේනෙ වැඩ කරන්නෙ.. වෙචිච සීන් කේස් එකම කිව්වා. හරි මු නම්බර් එකයි විස්තර ඔක්කොම ගත්තා. දැන් නම් වැඩේ කෙරෙයි කියලා මටත් හිතුනා. දවස් දෙකයි ඒත් මට ADSL තියා ෆෝන් ලයින් එකත් නෑ ..දැන් අපේ ඔෆිස් එකෙත්, මගෙ ADSL සීන් එක නොදන්න කෙනෙක් නෑ... හැමෝම ෆුල් සපෝට් එක දෙනවා. ඔන්න අද වැඩට ගියාම කට්ටිම මට උපදෙස් දෙනවා අද කෙලින්ම ඉංජිනියර් ලගටම  යන්න කිව්වා. මමත් අද වැඩේ දෙන්නම් කියලා ගියා.. ගියාට මොකද මගේ කරුමෙ තමා ,මෙන්න අද ඉංජිනියර් ඈවිත් නෑනෙ... හැබැයි එතන හිටිය වෙන කෙනෙක් ලගට මට යන්න කිව්වා.. එයා එක්ක ටිකක් කතා කරලා ඉගෙන ගන්න ඒවයි, ඕවා මේවා කියලා, මෙයත් හතර වටේටම කෝල් කරලා, මගේ විස්තරත් ඔක්කොම පොතේ ලියාගෙන ,මේ පොතේ ලිව්වෝත් ඒක අනිවාර්යෙන්ම කෙරෙනවා කියලත් කිව්වා. මමත් ඒ කිව්ව දේ විශ්වාස කරලා ආවා.. කොහොම හරි ඊලග දවසේ හවස 4.15 ට විතර ලයින් එක දෙන්න කියලා ආව. ගෙදර ලග ඉදන් වයර් ඇද්දා මොකද හිතන්නෙ අද මට ෆෝන් ලයින් එකවත් ලැබෙයි කියලා හිතනවද ඔයාලා

Wednesday, November 24, 2010

ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව 2

මුලින්ම මගේ ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව-1  ලිපියට අදහස් දැක්වු , අයට ස්තූතියි... ඔන්න අද ADSL කතාවේ ඉතුරු ටික කියන්න හදන්නේ , ඔන්න ඉතින් Telicom එකේ  සිටිලින්ක් Phone එකක බිලට පොල්ලකුත් තියලා තියෙන නිසා, අම්මගෙ නමට ඉල්ලුම් පත්‍ර ටික පුරවලා තිබ්බා. කිව්වා වගේම ඊලග දවසෙ මෙයාලා ආවා .සල්ලිත් 8000.00 අරගෙන වැඩේ හරි සතියෙන් දෙන​වා කියලා කිව්වා​. මටත් ඉන්ටනෙට් ඕනම දවස් ටික CCNA ඩම්ප් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන .ADSL දෙනවමයි කිව්ව නිසා දැන් Router එකක් ගන්නත් එපැයි , සල්ලිත් නැති නිසා මොබිටෙල් මමම අන්ලොක් කර ගත්ත (අන්​ලොක් කරගන්න විදිහ බලන්න මෙතන ඔබන්න)ඩොන්ගල් එකත් දවස් දෙකෙන් තුනෙන් විකුණුවා.. අනේ හපොයි මමත් කර ගත්ත දෙයක්, ඉන්ටනෙටි නැතුව දැන් නින්ද යන්නෙත් නෑ.. කොහොමෙන් හරි සතියක් ගියා අවසානෙ මට ADSLලුත් නෑ ඩොන්ගල් එකත් නෑ.. ගෙදරට ආව ටෙලිකොම් එකේ අයට කෝල් කලා හරි හරි අපි ඉල්ලුම් පත් බාර දීලා තියෙන්නෙ වැඩේ කෙරෙයි. හැමදාම ඔය ටික තමයි කියන්නෙ, ඉවසගෙන ඉන්න බැරිම තැන ඔෆිස් එකේ කෑම වෙලාවට පැනගත්තා. මමත් කිව්වා ආව අය නම් කිව්වා ඉතින් මට සතියෙන් ADSL දෙනවා කියලා මට ඉගෙන ගන්න දේවල් වලට ඕනෙ කරලා තියෙනවා පුලුවන් නම් මේක ඉක්මනට කරගා දෙන්න කියලා..ඇත්තමයි ගත් කටටම lකිව්වා හරි අද හවස නැත්තම් හෙට උදේ අනිවාර්යෙන් එනවා කියලා.. මමත් බොහොම ස්තූතියි කියලා ආවා.. ඔයාලා මොකද හිතන්නෙ මගෙ ADSL සිහිනය සැබෑ වෙයිද බොද මීදුමක් වෙයිද...

ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව

ඔන්න මමත් මොබිටෙල් ඩයලොග් දෙකම එපා වෙලා ADSL ගන්න හිතුවා .ඒත් ඉතින් අපිට ADSL තියෙනවද දන්නේ නෑනෙ... මමත් ගියා අනුරාධපුර ටෙලිකොම් එකට .අනේ කියලා වැඩක් නෑ පුදුම හොද සැලකිල්ලක් මෙන්න හවසම එනවා කිව්වා ADSL තියෙනවද බලන්න. මටත් හරි සතුටුයි හිතුවටත් වඩා ඉක්මනට මගේ ADSL සිහිනය සැබෑ වෙන්න යනවනේ... මමත් වෙනදටත් වඩා ඉක්මනට වැඩ ඈරිලා ගෙදර ආවා 4.30 ට ටෙලිකොම්ලා එනවා කිව්වනේ... මෙන්න බොලේ ඒ පාර වහිනවා මලා තමා දැන් නම් මුන් එන්නෙ නෑ මෙන්න එතකොටම මොබයිල් එකට කෝල් එකක් "හෙලෝ අපි ටෙලිකෙමේ එකෙන් ගෙදර හොයා ගන්න අමාරුයි පාර කියන්න" කොහොමෙන් හරි මෙන්න මෙයාලා ගෙදරට ආවා "මහත්තයෝ දැන් වහින නිසා අපිට ADSL චෙක් කරන්න බෑ අනිවාර්යෙන් මෙහෙට ADSL තියෙනවා දැන් වෙලාව නැති නිසා මේ ඉල්ලුම් පත් පුරවලා තියන්න අපි හෙටත් එනවා ගෙනියන්න සතියෙන් ලයින් දෙකම දෙන්නම්" එදා නම් ඇවිත් ගියා ඔයාලා හිතන්නෙ මොකද මෙයාලගේ සේවාව ඉතිරි දවස්වල කොහොම වෙයිද..?  Phone Line & ADSL ඒ දෙකම ගන්න මට කොච්චර දවස් යන්න ඇතිද...? ඔයාලගෙ අදහස් කියන්න... ඊට පස්සේ වෙච්ච දේ ඉදිරියට...

Tuesday, November 23, 2010

දිය මත ඇවිදින්නේ කොහොමද....

මදුරුවන් ,දියමකුණන් වගේ කුඩා සතුන් දිය මත ඇවිදිනවා, ඔයාලා දැකල ඇති නේද..? කොහොම උනත් හැම ජීවියෙකුටම මේ හාස්කම කරන්න බෑ... දිමියෙක් කූඹියෙක් දිය මත ඇවිදින්න උත්සහ කලාට උන්ට මේ වැඩේ කරන්න බැරි වෙනවා. ජලය මත ඇවිදින සෑම සතෙකුගේම කකුල් දිගයි. ඒ වගේම උන්ගේ කකුල් කෙලවර අමුතු ආකාරයකට පිහිටා තිබෙනවා. මෙම ජීවීන්ට කොහොමද මෙහෙම ඇවිදින්න පුලුවන් උනේ, ඒකට හේතුව තමයි ජලය මතු පිට ඉතා තුනී ඇදෙන සුලු හමක් වගේ අපට නොපෙනෙන පටලයක් තිබෙනවා . ජල අණු එකතු වී මේ ආකරෙයට පටලයක් සෑදීමට පෘෂ්ඨික ආතතිය කියලා කියනවා. බර වස්තුවක් මෙම පටලය කඩාගෙන වතුරේ ගිලුනත් අර සැහැල්ලු සතුන්ගේ සිරුරේ පිහිටා තිබෙන සියුම් කෙදි අතර රැදෙන වාත කෝෂ මගින් පටලය නොකැඩී සිටීමට ඔවුන්ට හැකි වෙනවා .ඔන්න ඔහොම තමයි ජලය මතු පිට ඇවිදින්නේ..හැබැයි ඉතින් අපට නම් එහෙම ඇවිදින්න බෑ පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...

Monday, November 22, 2010

අපේ ගෙදරටත් හොරු ඇ​විල්ලා..

මේක වෙලා නම් දැන් ටික ද​වසක්. ගෙදර හැමෝම නිදි. වෙලාව 1.30 ට විතර ඇති, මමත් ඉතින් ලෝකෙ පෙරලුනත් දැනෙන්නෙ නැති තරමටම නිදි. හැබැයි අපේ අප්පච්චිට පොඩි ශබ්දයකට පවා අවදි වෙනවා. මගේ කාමරයට අල්ලපු කාමරයෙ තමා අප්පච්චිලා ඉන්නෙ එදා ඔය කිව්ව වෙලාවට විතර අප්පච්චිට ටික්... ටික්... වගේ ශබ්දයක් ඇහෙන්න ගත්තලු.එදා හද තිබුන දවසක් නිසා ඇතුලෙ ඉන්න අයට එළිය පෙනුනට එළියෙ අයට ඇතුල නම් පෙනෙන්නේ නෑ... කොහොමෙන් කොහොම හරි අප්පච්චි ඇද ලග තිබුන පාපිස්නයට කකුල තියලා නැගිට්ටලු. කාමරයේ ජනයලය ලග ඔලුවක් පෙනෙනවලු හොදට බැලුවලු ඒත් ඔලුවක් තමයි දැන් ඉතින් මොකද කරන්නේ ,මේ යකා ජනයලෙන් අත දම දමා මොනවාදෝ ගන්නවලු අප්පච්චිත් ඉතින් යකාටවත් බය නෑනෙ හිමින් හිමින් ජනයලය ලගටම ගිහින් එළියට අත දමලා ඔහෙ හිටපිය ..ති... ...තා.. වගේ හොද වචන ටිකකුත් කියාගෙනම උගෙ අතින් අල්ලගෙන අත ඇතුලට ඇදලා. මුගෙත් මර බියටද කොහෙද, අත කොහොම හරි ඇදලා අරගෙන.අප්පචිචි අත කඩන්නම් කියලලු බැලුවේ. ඒත් වැඩේ හරි ගියේ නම් නෑ ,එතනින් ඉවර උනේ නෑ එතකොටම අප්පච්චි කිව්වා චුටි පුතා තුවක්කුව ගේන්න කියලා අපිට කොහෙන්ද තුවක්කු මට ඇහැරුනා ඇහැරුනා තමයි, මමත් ඈදේ පොල්ලක් අරගෙන කරුවලේ බිත්තියෙත් හැප්පිලා කොහොම හරි එලියට බැහැලා බැලුවා මොකෙක්වත් නෑ.උදේම අපි හොරා ආව අඩි පාර බැලුව ආව පාර කෙසේ වෙතත් බයටද කොහෙද ගිය පාර නම් අඩි 5න් 5න් වගේ තියෙනවා ඒක තියෙන්නෙත් එක ගෙදරකට යන පාර ලගට විතරයි. ඔන්න හැබැයි අපේ ගෙදරට ආව හොරාට මොකුත් ගන්න බැරි උනා.

ගුරුතුමා දුටු මහසොහොන් අවතාරය

එක්දහස් නවසිය පනස් හයේ වර්ෂයේ ගාලු දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි යටිගම්පොල රජයේ පාසල පිහිටා තිබුණේ විශාල කැලෑවකින් වටවූ කුඩා කඳුගැටයක් මුදුණේය. ප්‍රධාන මාර්ගයේ සිට සැතැපුම් හතක් පමණ දුරින් පිහිටි මේ පාසලට යෑමට ඒමට නිසි මාර්ගයක් නොතිබූ අතර තිබුණේ ප්‍රදේශයේ ගැමියන් විසින් තනා සාදාගත් කුඩා අඩි පාරකි.
ඇදුරු මඩුල්ල පස් දෙනෙකුගෙන් සමන්විත මේ පාසලේ මුල් ගුරුන්නාන්සේ වූයේ ජුලියන් ගුරුන්නාන්සේය. පාසලේ සේවය කළ උපගුරු විල්මන් මහතා මාතර ප්‍රදේශයේ කෙනෙකු වූ අතර ඔහු ගුරුකමට අමතරව යන්ත්‍ර, මන්ත්‍ර, වෙදකම් හා කේන්දර බැලීම යනාදී වැඩවලට ප්‍රසිද්ධියක් ඉසුලූ අයෙක් විය.
ජුලියන් මුල්ගුරුන්නාන්සේ අසනීපව සිටි දිනෙක පාසලේ ගුරුභවතුනගේ පඩි සල්ලි ගෙන ඒම සඳහා දිනක් උපගුරු විල්මන් ගුරුතුමා පිටත් කර හැරියේ ගාලු අධ්‍යාපන කාර්යාලය වෙතය. පාසලේ සිට බස් මාර්ගයට සැතපුම් හතක් පමණ මඟ ගෙවා යා යුතු බැවින් පාන්දරින්ම එහි යන ලෙස මුල්ගුරුන්නාන්සේ ඔහුට පැවසීය. ඒ පාන්දර හතරට පමණ ප්‍රධාන මාර්ගයට ගියහොත් ගාලු බසය අල්ලාගත හැකි බැවිනි. ගමේ ගැමියන් අතර වෙළෙඳාමේ යන අයද බඩු බාහිරාදිය රැගෙන ගාලු නගරයට යන්නේ මෙම බසයෙනි. මුල්ගුරුන්නාන්සේ ගේ කීමට එකඟ වූ විල්මන් ගුරුතුමා පාන්දර කුකුළා හඬලන විටම නැඟිට ගමනට සූදානම් වී පාසලේ තිබූ බයිසිකලයට නැඟී බස් පාරට යෑමට පිටත් විය.
මෙම අතුරු මාර්ගයේ ඇති සොහොන් පිටිය පිහිටා තිබුණේ පාසලට සැතැපුම් තුනක් පමණ දුරින් වූ අතර ඒ අසල ඇති විශාල නුග ගස මුළු ප්‍රදේශයටම අන්ධකාරය ගෙන දෙන්නක් විය.
මෙම ගස යටදී හොල්මන්වලට බයවී ලෙඩවුණු බොහෝ දෙනෙක් එම ගමේ සිටින බැව් දත් ගැමියන් මෙම ගස අසලින් යන්නේ තරමක බියකිනි. මේ බැව් එකවරම විල්මන් ගුරුතුමාගේ මතකයට ආ අතර ඔහුගේ් සිතද මේ නිසා සැලිනි. ඒ කෙසේ වෙතත් තමා ;හාල්මන් අවතාරවලට බය නැති අයෙක් බවට පුරසාරම් දොඩා ඇති බැවින් තවත් අයෙක් සමඟ යෑමද මදි පුංචිකමක් ලෙස හේ සැලකුවේය.
පාන්දර යාමයේ වෙළෙඳාමේ යන ඉතා තරබාරු ගැමි ස්ත්‍රියක වූ ඇලන් අක්කා ද එදින මෙම බස්රියේ යෑම සඳහා තම නිවසින් පිටත්වූයේ මේ අවස්ථාවේමය. ඇගේ නිවස මෙම සොහොන් පිටියට යාබදව පිහිටි නිසා පාරේ කවුරු හෝ එනතුරු ඇයද බලා සිටියේ නුගගස යටින් යාමට ඇති බිය නිසාය. පාන්දර පින්න වැටෙන බැවින් ඇය කළුපාට රෙද්දක් ඔලුවේ සිට වසාගෙන එළවළු කූඩය ද හිස මත තබාගෙන සිටියාය.
ඈතින් එන විල්මන් ගුරුතුමා දුටු ඇය සෙමින් සීරුවේ ඉදිරියට පියවර තැබුවාය. හොල්මන්, අවතාර ගැන සිතමින් නුග ගස අසලට එන විල්මන් ගුරුතුමා ඇලන් අක්කා දුටු ගමන් “මේ නම් එකත් එකටම මහසොහොන් අවතාර යයි” සිතුවේය. “බුදු අම්මෝ” යැයි මරහඬ තලමින් බයිසිකලය ආපසු හරවාගත් විල්මන් ගුරුතුමා එකපිම්මට බයිසිකලය ද රැගෙන පයින් ම දිව ගියේ නුදුරින් පිහිටි මාටින් අයියාගේ කඩය වෙතය.
 මරලතෝනි දෙමින් කඩයට දිව ආ විල්මන් ගුරුතුමා ‘මාටින් අයියේ මහසෝනා එනවා” යැයි කියමින් ඇද වැටුණේ් සිහිවිකල්ලෙනි. විල්මන් ගුරුතුමාව හඳුනාගත් මාටින් අයියා කඩේ සිටි අයත් සමඟ එකතුවී ඔහු ඔසොවා ඇඳක තබා යකැදුරෙක් හනික ගෙන්වා ප්‍රතිකාර කරන ලදුව සෑහෙන වේලාවකින් පසු ඔහුට පියවි සිහිය ආවේය.
මෙම සිද්ධිය සැලවූ ඇලන් අක්කා පසුදින උදෙන්ම පාසලට පැමිණ වෙළඳාමේ යන තමන්ට සිදුවූ සිද්ධිය පිළිබඳ සියලු කරුණු ජුලියන් මුල්ගුරුන්නාන්සේ හමුවේ පැවසුවාය. සියල්ලන්ටම තම සිනහව නවතාගැන්මට සෑහෙන වේලාවක් ගතවිය.

Sunday, November 21, 2010

මිහින් ලංකා සහ ගුවන් හමුදාවට චීන ගුවන් යානා 6ක් ..!

මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා චීන සමූහාණ්ඩුවෙන් මගී ප්‍රවාහන යානා 6ක් මෙරට ට ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව කියවේ.

චීනයේ ෂියැං ගුවන් යානා සමාගමේ (Xi'an Aircraft Industrial Corporation) නිෂ්පාදිත Xian MA60 ගුවන් යානා 6ක් සඳහා මෙරටින් ඇණවුම් ලැබී ඇති අතර චීන රජය විසින් සහන පදනමක් යටතේ ණය පහසුකම් සපයා ඇති බව ද කියවේ. ආසන 56කින් සහ එන්ජින් දෙකකින් යුත් මෙවන් එක් යානාවක් ඇ.ඩො. මිලියන 12.5ක් වන අතර වසර 2000 සිට මෙම යානාවන් නිෂ්පාදනය වේ.

රාජ්‍ය හෝ ආයතනයක් සතු වැඩිම යානාවන් ප්‍රමාණයක් සමගින් දැනට අභ්‍යන්තර ගුවන් සේවාවන් සඳහා දායක වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඉහත ඇණවුම යටතේ යානාවන් 4ක් ලබා දීමට නියමිත අතර එම යානාවන් 2011 වසරේ මුල් කාර්තුවේ දී මෙරටට ලැබීමට නියමිත වේ.

මේ අතර ඉතිරි යානාවන් දෙක මිහින් ලංකා ගුවන් සමාගම වෙත ලබා දීමට නියමිත අතර එම යානාවන් දෙක 2010 වසර ඇතුලත ලබා දෙනු ඇත.
දැනට ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපොළ දෙකක් ඉදිවෙමින් පවතින අතර ඊට සමගාමීව දිවයිනේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන් ඉහළ නැංවීම සඳහා කටයුතු කෙරෙමින් පවතින බවද කියවේ.

Paya Ai Hinahenne - MiLiN අලුත්ම වීඩියෝ එක බැලුවෙ නැත්නම් මෙන්න









Download කරගන්න බැනර් එක මත ක්ලික් කරන්න...

Saturday, November 20, 2010

Why Is A Computer So Powerful?

Why Is A Computer So Powerful?
A computer derives its power from its capability of performing the information
processing cycle operations (input, process, output, and storage) with amazing
speed, reliability, and accuracy; storing huge amounts of data and information; and
communicating with other computers.
 
Speed
In the system unit, operations occur through electronic circuits. When data,
instructions, and information flow along these circuits, they travel at clo se to the
speed of light. This allows billions of operations to be carried out in a single second.
 
Reliability
The electronic components in modern computers are dependable because they have
a low failure rate. The high reliability of the components enables the computer to pro
duce consistent results.

Accuracy
Computers can process large amounts of data and generate error- free results,
provided the data is entered correctly and the program works properly. If data is
inaccurate, the resulting output will be incorrect. A computing phrase — known as
garbage in, garbage out (GIGO) points out that the accuracy of a computer’s output
depends on the accuracy of the input.
 
Storage
Many computers can store enormous amounts of data and make this data available
for pro cessing anytime it is needed. Using current storage devices, the computer can
transfer data quickly from storage to memory, process it, and then store it again for
future use.
 
Communications
Most computers today have the capability of communicating with other computers.
Computers with this capability can share any of the four information processing cycle
operations — input, process, output, and storage — with another computer. For
example, two computers connected by a communications device such as a modem
can share stored data, instructions, and information.
When two or more computers are connected together via communications media and
devices, they form a network. The most widely known net work is the Internet.