Monday, November 22, 2010

අපේ ගෙදරටත් හොරු ඇ​විල්ලා..

මේක වෙලා නම් දැන් ටික ද​වසක්. ගෙදර හැමෝම නිදි. වෙලාව 1.30 ට විතර ඇති, මමත් ඉතින් ලෝකෙ පෙරලුනත් දැනෙන්නෙ නැති තරමටම නිදි. හැබැයි අපේ අප්පච්චිට පොඩි ශබ්දයකට පවා අවදි වෙනවා. මගේ කාමරයට අල්ලපු කාමරයෙ තමා අප්පච්චිලා ඉන්නෙ එදා ඔය කිව්ව වෙලාවට විතර අප්පච්චිට ටික්... ටික්... වගේ ශබ්දයක් ඇහෙන්න ගත්තලු.එදා හද තිබුන දවසක් නිසා ඇතුලෙ ඉන්න අයට එළිය පෙනුනට එළියෙ අයට ඇතුල නම් පෙනෙන්නේ නෑ... කොහොමෙන් කොහොම හරි අප්පච්චි ඇද ලග තිබුන පාපිස්නයට කකුල තියලා නැගිට්ටලු. කාමරයේ ජනයලය ලග ඔලුවක් පෙනෙනවලු හොදට බැලුවලු ඒත් ඔලුවක් තමයි දැන් ඉතින් මොකද කරන්නේ ,මේ යකා ජනයලෙන් අත දම දමා මොනවාදෝ ගන්නවලු අප්පච්චිත් ඉතින් යකාටවත් බය නෑනෙ හිමින් හිමින් ජනයලය ලගටම ගිහින් එළියට අත දමලා ඔහෙ හිටපිය ..ති... ...තා.. වගේ හොද වචන ටිකකුත් කියාගෙනම උගෙ අතින් අල්ලගෙන අත ඇතුලට ඇදලා. මුගෙත් මර බියටද කොහෙද, අත කොහොම හරි ඇදලා අරගෙන.අප්පචිචි...

ගුරුතුමා දුටු මහසොහොන් අවතාරය

එක්දහස් නවසිය පනස් හයේ වර්ෂයේ ගාලු දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි යටිගම්පොල රජයේ පාසල පිහිටා තිබුණේ විශාල කැලෑවකින් වටවූ කුඩා කඳුගැටයක් මුදුණේය. ප්‍රධාන මාර්ගයේ සිට සැතැපුම් හතක් පමණ දුරින් පිහිටි මේ පාසලට යෑමට ඒමට නිසි මාර්ගයක් නොතිබූ අතර තිබුණේ ප්‍රදේශයේ ගැමියන් විසින් තනා සාදාගත් කුඩා අඩි පාරකි. ඇදුරු මඩුල්ල පස් දෙනෙකුගෙන් සමන්විත මේ පාසලේ මුල් ගුරුන්නාන්සේ වූයේ ජුලියන් ගුරුන්නාන්සේය. පාසලේ සේවය කළ උපගුරු විල්මන් මහතා මාතර ප්‍රදේශයේ කෙනෙකු වූ අතර ඔහු ගුරුකමට අමතරව යන්ත්‍ර, මන්ත්‍ර, වෙදකම් හා කේන්දර බැලීම යනාදී වැඩවලට ප්‍රසිද්ධියක් ඉසුලූ අයෙක් විය. ජුලියන් මුල්ගුරුන්නාන්සේ අසනීපව සිටි දිනෙක පාසලේ ගුරුභවතුනගේ පඩි සල්ලි ගෙන ඒම සඳහා දිනක් උපගුරු විල්මන් ගුරුතුමා පිටත් කර හැරියේ ගාලු අධ්‍යාපන කාර්යාලය වෙතය. පාසලේ සිට බස් මාර්ගයට සැතපුම් හතක් පමණ මඟ ගෙවා යා යුතු බැවින් පාන්දරින්ම...

Pages 121234 »