අනේ හපොයි මට වෙච්ච හදිය.. ඔයාලා දන්නවනෙ වෙච්ච හදිය දන්නෙ නැති අය මෙතන ඔබලා කියවලා බලන්න. කොහොම හරි දවස් දෙකෙන් දෙනව කිව්වට ඒ වැඩේ හරි ගියෙත් නෑ.. දැන් නම් මගෙත් ඉවසීමේ සීමාව පැනලා. මමත් දැන් හැමදාම ටෙලිකොම් එකේ දැන් ගේටිටුව ලග ඉදන් හැමෝම අදුරනවා.. කොහොමෙන් හරි අපේ ඉස්කෝලෙ නිවත්තකචේතිය මහා විද්‍යාලය ඒකෙ අපිත් එක්ක හිටපු අයියා කාරයෙක් හම්බ උනා අම්මද බොල මේ යකා ටෙලිකොම් එකේනෙ වැඩ කරන්නෙ.. වෙචිච සීන් කේස් එකම කිව්වා. හරි මු නම්බර් එකයි විස්තර ඔක්කොම ගත්තා. දැන් නම් වැඩේ කෙරෙයි කියලා මටත් හිතුනා. දවස් දෙකයි ඒත් මට ADSL තියා ෆෝන් ලයින් එකත් නෑ ..දැන් අපේ ඔෆිස් එකෙත්, මගෙ ADSL සීන් එක නොදන්න කෙනෙක් නෑ... හැමෝම ෆුල් සපෝට් එක දෙනවා. ඔන්න අද වැඩට ගියාම කට්ටිම මට උපදෙස් දෙනවා අද කෙලින්ම ඉංජිනියර් ලගටම යන්න කිව්වා. මමත් අද වැඩේ දෙන්නම් කියලා ගියා.. ගියාට මොකද මගේ කරුමෙ තමා ,මෙන්න අද ඉංජිනියර් ඈවිත්...