මුලින්ම මගේ ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව-1 ලිපියට අදහස් දැක්වු , අයට ස්තූතියි... ඔන්න අද ADSL කතාවේ ඉතුරු ටික කියන්න හදන්නේ , ඔන්න ඉතින් Telicom එකේ සිටිලින්ක් Phone එකක බිලට පොල්ලකුත් තියලා තියෙන නිසා, අම්මගෙ නමට ඉල්ලුම් පත්‍ර ටික පුරවලා තිබ්බා. කිව්වා වගේම ඊලග දවසෙ මෙයාලා ආවා .සල්ලිත් 8000.00 අරගෙන වැඩේ හරි සතියෙන් දෙනවා කියලා කිව්වා. මටත් ඉන්ටනෙට් ඕනම දවස් ටික CCNA ඩම්ප් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන .ADSL දෙනවමයි කිව්ව නිසා දැන් Router එකක් ගන්නත් එපැයි , සල්ලිත් නැති නිසා මොබිටෙල් මමම අන්ලොක් කර ගත්ත (අන්ලොක් කරගන්න විදිහ බලන්න මෙතන ඔබන්න)ඩොන්ගල් එකත් දවස් දෙකෙන් තුනෙන් විකුණුවා.. අනේ හපොයි මමත් කර ගත්ත දෙයක්, ඉන්ටනෙටි නැතුව දැන් නින්ද යන්නෙත් නෑ.. කොහොමෙන් හරි සතියක් ගියා අවසානෙ මට ADSLලුත් නෑ ඩොන්ගල් එකත් නෑ.. ගෙදරට ආව ටෙලිකොම් එකේ අයට කෝල් කලා...