Monday, December 13, 2010

Firefox වල සිංහලෙන් ටයිප් කරන්න qsfox Add-one....


මේක සමහර විට ඔයාලා දැනටමත් දන්නවා ඇති.නොදන්න අය කරලා බලන්නකෝ.මුලින්ම ඔයාලට Firefox Download කරගන්න ඕන නම් පහත Download යන්න මත Click කර Download කරගන්න.

Mozilla Firefox  මෙතන ඔබන්න

දැන් අපි firefox browser එකට qsfox add-one එක ඉන්ස්ටෝල් කරගන්න ආකාරය බලමු.පහල ඇති ලින්ක් එකට ගොස් ඉන්ස්ටෝල් කරගන්න.
ඉන්ස්ටෝල් qsfox add-one     මෙතන ඔබන්න



එවිට ඉහත රූපයේ ආකාරයට පේජ් එකක් ලෝඩ් වෙනු ඇත.එහි Add To Firefox ක්ලික් කරන්න.
ඉන් පසු පහල ඇති ආකාරයේ වින්ඩෝ එකක් එනු ඇත.



එහි නිල් පාටින් ඇති Add to Firefox යන්න මත ක්ලික් කල පසු පහත ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙනු ඇත එහි Install Now මත ක්ලික් කරන්න.
 ඉන්ස්ටෝල් වී අවසන් වූ පසු Firefox Browser එක Restart කරගන්න.

            භාවිතා කරන අන්දම

ස්තාපනයෙන් පසු Firefox status bar හි අළුත් අයිකන දෙකක් එකතුවෙයි.


  1. qsFOX අයිනය ක්ලික් කිරීමෙන් ඔබට විජේසේකර යතුරු පුව‍රුවේ සැකැස්ම හා singlish භාවිතා කරන අන්දම පිළිබඳව දැනුවත් විය හැක.
  2. ඊට යාබදවම ඇති EN අයිනය ක්ලික් කිරීමෙන් යතුරු පුවරු මාරුවීමටත් දැනට ක්‍රියාත්මකව පවතින යතුරුපුවරුව පිළිබඳව දැනුවත් විමටත් හැකිය.
    • එහි EN යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ ඉංග්‍රීසි යතුරු පුවරුවයි.
    • එහි වි යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ විජේසේකර යතුරු පුවරුවයි.
    • එහි සි යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ singlish යතුරු පුවරුවයි.

                                  F8     :- ඉංග්‍රීසි යතුරු පුවරුව.
                                  F9     :- විජේසේකර යතුරු පුවරුව.
                                  F12    :- singlish යතුරු පුවරුව.

1 comments:

samadhi said...

බොහොම ස්තූත්ය්. ගොඩාක් ප්‍රයොජනවත්.

Post a Comment