Wednesday, November 24, 2010

ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව 2

මුලින්ම මගේ ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව-1  ලිපියට අදහස් දැක්වු , අයට ස්තූතියි... ඔන්න අද ADSL කතාවේ ඉතුරු ටික කියන්න හදන්නේ , ඔන්න ඉතින් Telicom එකේ  සිටිලින්ක් Phone එකක බිලට පොල්ලකුත් තියලා තියෙන නිසා, අම්මගෙ නමට ඉල්ලුම් පත්‍ර ටික පුරවලා තිබ්බා. කිව්වා වගේම ඊලග දවසෙ මෙයාලා ආවා .සල්ලිත් 8000.00 අරගෙන වැඩේ හරි සතියෙන් දෙන​වා කියලා කිව්වා​. මටත් ඉන්ටනෙට් ඕනම දවස් ටික CCNA ඩම්ප් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන .ADSL දෙනවමයි කිව්ව නිසා දැන් Router එකක් ගන්නත් එපැයි , සල්ලිත් නැති නිසා මොබිටෙල් මමම අන්ලොක් කර ගත්ත (අන්​ලොක් කරගන්න විදිහ බලන්න මෙතන ඔබන්න)ඩොන්ගල් එකත් දවස් දෙකෙන් තුනෙන් විකුණුවා.. අනේ හපොයි මමත් කර ගත්ත දෙයක්, ඉන්ටනෙටි නැතුව දැන් නින්ද යන්නෙත් නෑ.. කොහොමෙන් හරි සතියක් ගියා අවසානෙ මට ADSLලුත් නෑ ඩොන්ගල් එකත් නෑ.. ගෙදරට ආව ටෙලිකොම් එකේ අයට කෝල් කලා හරි හරි අපි ඉල්ලුම් පත් බාර දීලා තියෙන්නෙ වැඩේ කෙරෙයි. හැමදාම ඔය ටික තමයි කියන්නෙ, ඉවසගෙන ඉන්න බැරිම තැන ඔෆිස් එකේ කෑම වෙලාවට පැනගත්තා. මමත් කිව්වා ආව අය නම් කිව්වා ඉතින් මට සතියෙන් ADSL දෙනවා කියලා මට ඉගෙන ගන්න දේවල් වලට ඕනෙ කරලා තියෙනවා පුලුවන් නම් මේක ඉක්මනට කරගා දෙන්න කියලා..ඇත්තමයි ගත් කටටම lකිව්වා හරි අද හවස නැත්තම් හෙට උදේ අනිවාර්යෙන් එනවා කියලා.. මමත් බොහොම ස්තූතියි කියලා ආවා.. ඔයාලා මොකද හිතන්නෙ මගෙ ADSL සිහිනය සැබෑ වෙයිද බොද මීදුමක් වෙයිද...

ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව

ඔන්න මමත් මොබිටෙල් ඩයලොග් දෙකම එපා වෙලා ADSL ගන්න හිතුවා .ඒත් ඉතින් අපිට ADSL තියෙනවද දන්නේ නෑනෙ... මමත් ගියා අනුරාධපුර ටෙලිකොම් එකට .අනේ කියලා වැඩක් නෑ පුදුම හොද සැලකිල්ලක් මෙන්න හවසම එනවා කිව්වා ADSL තියෙනවද බලන්න. මටත් හරි සතුටුයි හිතුවටත් වඩා ඉක්මනට මගේ ADSL සිහිනය සැබෑ වෙන්න යනවනේ... මමත් වෙනදටත් වඩා ඉක්මනට වැඩ ඈරිලා ගෙදර ආවා 4.30 ට ටෙලිකොම්ලා එනවා කිව්වනේ... මෙන්න බොලේ ඒ පාර වහිනවා මලා තමා දැන් නම් මුන් එන්නෙ නෑ මෙන්න එතකොටම මොබයිල් එකට කෝල් එකක් "හෙලෝ අපි ටෙලිකෙමේ එකෙන් ගෙදර හොයා ගන්න අමාරුයි පාර කියන්න" කොහොමෙන් හරි මෙන්න මෙයාලා ගෙදරට ආවා "මහත්තයෝ දැන් වහින නිසා අපිට ADSL චෙක් කරන්න බෑ අනිවාර්යෙන් මෙහෙට ADSL තියෙනවා දැන් වෙලාව නැති නිසා මේ ඉල්ලුම් පත් පුරවලා තියන්න අපි හෙටත් එනවා ගෙනියන්න සතියෙන් ලයින් දෙකම දෙන්නම්" එදා නම් ඇවිත් ගියා ඔයාලා හිතන්නෙ මොකද මෙයාලගේ සේවාව ඉතිරි දවස්වල කොහොම වෙයිද..?  Phone Line & ADSL ඒ දෙකම ගන්න මට කොච්චර දවස් යන්න ඇතිද...? ඔයාලගෙ අදහස් කියන්න... ඊට පස්සේ වෙච්ච දේ ඉදිරියට...

Tuesday, November 23, 2010

දිය මත ඇවිදින්නේ කොහොමද....

මදුරුවන් ,දියමකුණන් වගේ කුඩා සතුන් දිය මත ඇවිදිනවා, ඔයාලා දැකල ඇති නේද..? කොහොම උනත් හැම ජීවියෙකුටම මේ හාස්කම කරන්න බෑ... දිමියෙක් කූඹියෙක් දිය මත ඇවිදින්න උත්සහ කලාට උන්ට මේ වැඩේ කරන්න බැරි වෙනවා. ජලය මත ඇවිදින සෑම සතෙකුගේම කකුල් දිගයි. ඒ වගේම උන්ගේ කකුල් කෙලවර අමුතු ආකාරයකට පිහිටා තිබෙනවා. මෙම ජීවීන්ට කොහොමද මෙහෙම ඇවිදින්න පුලුවන් උනේ, ඒකට හේතුව තමයි ජලය මතු පිට ඉතා තුනී ඇදෙන සුලු හමක් වගේ අපට නොපෙනෙන පටලයක් තිබෙනවා . ජල අණු එකතු වී මේ ආකරෙයට පටලයක් සෑදීමට පෘෂ්ඨික ආතතිය කියලා කියනවා. බර වස්තුවක් මෙම පටලය කඩාගෙන වතුරේ ගිලුනත් අර සැහැල්ලු සතුන්ගේ සිරුරේ පිහිටා තිබෙන සියුම් කෙදි අතර රැදෙන වාත කෝෂ මගින් පටලය නොකැඩී සිටීමට ඔවුන්ට හැකි වෙනවා .ඔන්න ඔහොම තමයි ජලය මතු පිට ඇවිදින්නේ..හැබැයි ඉතින් අපට නම් එහෙම ඇවිදින්න බෑ පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...

Monday, November 22, 2010

අපේ ගෙදරටත් හොරු ඇ​විල්ලා..

මේක වෙලා නම් දැන් ටික ද​වසක්. ගෙදර හැමෝම නිදි. වෙලාව 1.30 ට විතර ඇති, මමත් ඉතින් ලෝකෙ පෙරලුනත් දැනෙන්නෙ නැති තරමටම නිදි. හැබැයි අපේ අප්පච්චිට පොඩි ශබ්දයකට පවා අවදි වෙනවා. මගේ කාමරයට අල්ලපු කාමරයෙ තමා අප්පච්චිලා ඉන්නෙ එදා ඔය කිව්ව වෙලාවට විතර අප්පච්චිට ටික්... ටික්... වගේ ශබ්දයක් ඇහෙන්න ගත්තලු.එදා හද තිබුන දවසක් නිසා ඇතුලෙ ඉන්න අයට එළිය පෙනුනට එළියෙ අයට ඇතුල නම් පෙනෙන්නේ නෑ... කොහොමෙන් කොහොම හරි අප්පච්චි ඇද ලග තිබුන පාපිස්නයට කකුල තියලා නැගිට්ටලු. කාමරයේ ජනයලය ලග ඔලුවක් පෙනෙනවලු හොදට බැලුවලු ඒත් ඔලුවක් තමයි දැන් ඉතින් මොකද කරන්නේ ,මේ යකා ජනයලෙන් අත දම දමා මොනවාදෝ ගන්නවලු අප්පච්චිත් ඉතින් යකාටවත් බය නෑනෙ හිමින් හිමින් ජනයලය ලගටම ගිහින් එළියට අත දමලා ඔහෙ හිටපිය ..ති... ...තා.. වගේ හොද වචන ටිකකුත් කියාගෙනම උගෙ අතින් අල්ලගෙන අත ඇතුලට ඇදලා. මුගෙත් මර බියටද කොහෙද, අත කොහොම හරි ඇදලා අරගෙන.අප්පචිචි අත කඩන්නම් කියලලු බැලුවේ. ඒත් වැඩේ හරි ගියේ නම් නෑ ,එතනින් ඉවර උනේ නෑ එතකොටම අප්පච්චි කිව්වා චුටි පුතා තුවක්කුව ගේන්න කියලා අපිට කොහෙන්ද තුවක්කු මට ඇහැරුනා ඇහැරුනා තමයි, මමත් ඈදේ පොල්ලක් අරගෙන කරුවලේ බිත්තියෙත් හැප්පිලා කොහොම හරි එලියට බැහැලා බැලුවා මොකෙක්වත් නෑ.උදේම අපි හොරා ආව අඩි පාර බැලුව ආව පාර කෙසේ වෙතත් බයටද කොහෙද ගිය පාර නම් අඩි 5න් 5න් වගේ තියෙනවා ඒක තියෙන්නෙත් එක ගෙදරකට යන පාර ලගට විතරයි. ඔන්න හැබැයි අපේ ගෙදරට ආව හොරාට මොකුත් ගන්න බැරි උනා.

ගුරුතුමා දුටු මහසොහොන් අවතාරය

එක්දහස් නවසිය පනස් හයේ වර්ෂයේ ගාලු දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි යටිගම්පොල රජයේ පාසල පිහිටා තිබුණේ විශාල කැලෑවකින් වටවූ කුඩා කඳුගැටයක් මුදුණේය. ප්‍රධාන මාර්ගයේ සිට සැතැපුම් හතක් පමණ දුරින් පිහිටි මේ පාසලට යෑමට ඒමට නිසි මාර්ගයක් නොතිබූ අතර තිබුණේ ප්‍රදේශයේ ගැමියන් විසින් තනා සාදාගත් කුඩා අඩි පාරකි.
ඇදුරු මඩුල්ල පස් දෙනෙකුගෙන් සමන්විත මේ පාසලේ මුල් ගුරුන්නාන්සේ වූයේ ජුලියන් ගුරුන්නාන්සේය. පාසලේ සේවය කළ උපගුරු විල්මන් මහතා මාතර ප්‍රදේශයේ කෙනෙකු වූ අතර ඔහු ගුරුකමට අමතරව යන්ත්‍ර, මන්ත්‍ර, වෙදකම් හා කේන්දර බැලීම යනාදී වැඩවලට ප්‍රසිද්ධියක් ඉසුලූ අයෙක් විය.
ජුලියන් මුල්ගුරුන්නාන්සේ අසනීපව සිටි දිනෙක පාසලේ ගුරුභවතුනගේ පඩි සල්ලි ගෙන ඒම සඳහා දිනක් උපගුරු විල්මන් ගුරුතුමා පිටත් කර හැරියේ ගාලු අධ්‍යාපන කාර්යාලය වෙතය. පාසලේ සිට බස් මාර්ගයට සැතපුම් හතක් පමණ මඟ ගෙවා යා යුතු බැවින් පාන්දරින්ම එහි යන ලෙස මුල්ගුරුන්නාන්සේ ඔහුට පැවසීය. ඒ පාන්දර හතරට පමණ ප්‍රධාන මාර්ගයට ගියහොත් ගාලු බසය අල්ලාගත හැකි බැවිනි. ගමේ ගැමියන් අතර වෙළෙඳාමේ යන අයද බඩු බාහිරාදිය රැගෙන ගාලු නගරයට යන්නේ මෙම බසයෙනි. මුල්ගුරුන්නාන්සේ ගේ කීමට එකඟ වූ විල්මන් ගුරුතුමා පාන්දර කුකුළා හඬලන විටම නැඟිට ගමනට සූදානම් වී පාසලේ තිබූ බයිසිකලයට නැඟී බස් පාරට යෑමට පිටත් විය.
මෙම අතුරු මාර්ගයේ ඇති සොහොන් පිටිය පිහිටා තිබුණේ පාසලට සැතැපුම් තුනක් පමණ දුරින් වූ අතර ඒ අසල ඇති විශාල නුග ගස මුළු ප්‍රදේශයටම අන්ධකාරය ගෙන දෙන්නක් විය.
මෙම ගස යටදී හොල්මන්වලට බයවී ලෙඩවුණු බොහෝ දෙනෙක් එම ගමේ සිටින බැව් දත් ගැමියන් මෙම ගස අසලින් යන්නේ තරමක බියකිනි. මේ බැව් එකවරම විල්මන් ගුරුතුමාගේ මතකයට ආ අතර ඔහුගේ් සිතද මේ නිසා සැලිනි. ඒ කෙසේ වෙතත් තමා ;හාල්මන් අවතාරවලට බය නැති අයෙක් බවට පුරසාරම් දොඩා ඇති බැවින් තවත් අයෙක් සමඟ යෑමද මදි පුංචිකමක් ලෙස හේ සැලකුවේය.
පාන්දර යාමයේ වෙළෙඳාමේ යන ඉතා තරබාරු ගැමි ස්ත්‍රියක වූ ඇලන් අක්කා ද එදින මෙම බස්රියේ යෑම සඳහා තම නිවසින් පිටත්වූයේ මේ අවස්ථාවේමය. ඇගේ නිවස මෙම සොහොන් පිටියට යාබදව පිහිටි නිසා පාරේ කවුරු හෝ එනතුරු ඇයද බලා සිටියේ නුගගස යටින් යාමට ඇති බිය නිසාය. පාන්දර පින්න වැටෙන බැවින් ඇය කළුපාට රෙද්දක් ඔලුවේ සිට වසාගෙන එළවළු කූඩය ද හිස මත තබාගෙන සිටියාය.
ඈතින් එන විල්මන් ගුරුතුමා දුටු ඇය සෙමින් සීරුවේ ඉදිරියට පියවර තැබුවාය. හොල්මන්, අවතාර ගැන සිතමින් නුග ගස අසලට එන විල්මන් ගුරුතුමා ඇලන් අක්කා දුටු ගමන් “මේ නම් එකත් එකටම මහසොහොන් අවතාර යයි” සිතුවේය. “බුදු අම්මෝ” යැයි මරහඬ තලමින් බයිසිකලය ආපසු හරවාගත් විල්මන් ගුරුතුමා එකපිම්මට බයිසිකලය ද රැගෙන පයින් ම දිව ගියේ නුදුරින් පිහිටි මාටින් අයියාගේ කඩය වෙතය.
 මරලතෝනි දෙමින් කඩයට දිව ආ විල්මන් ගුරුතුමා ‘මාටින් අයියේ මහසෝනා එනවා” යැයි කියමින් ඇද වැටුණේ් සිහිවිකල්ලෙනි. විල්මන් ගුරුතුමාව හඳුනාගත් මාටින් අයියා කඩේ සිටි අයත් සමඟ එකතුවී ඔහු ඔසොවා ඇඳක තබා යකැදුරෙක් හනික ගෙන්වා ප්‍රතිකාර කරන ලදුව සෑහෙන වේලාවකින් පසු ඔහුට පියවි සිහිය ආවේය.
මෙම සිද්ධිය සැලවූ ඇලන් අක්කා පසුදින උදෙන්ම පාසලට පැමිණ වෙළඳාමේ යන තමන්ට සිදුවූ සිද්ධිය පිළිබඳ සියලු කරුණු ජුලියන් මුල්ගුරුන්නාන්සේ හමුවේ පැවසුවාය. සියල්ලන්ටම තම සිනහව නවතාගැන්මට සෑහෙන වේලාවක් ගතවිය.