Monday, November 22, 2010

අපේ ගෙදරටත් හොරු ඇ​විල්ලා..

මේක වෙලා නම් දැන් ටික ද​වසක්. ගෙදර හැමෝම නිදි. වෙලාව 1.30 ට විතර ඇති, මමත් ඉතින් ලෝකෙ පෙරලුනත් දැනෙන්නෙ නැති තරමටම නිදි. හැබැයි අපේ අප්පච්චිට පොඩි ශබ්දයකට පවා අවදි වෙනවා. මගේ කාමරයට අල්ලපු කාමරයෙ තමා අප්පච්චිලා ඉන්නෙ එදා ඔය කිව්ව වෙලාවට විතර අප්පච්චිට ටික්... ටික්... වගේ ශබ්දයක් ඇහෙන්න ගත්තලු.එදා හද තිබුන දවසක් නිසා ඇතුලෙ ඉන්න අයට එළිය පෙනුනට එළියෙ අයට ඇතුල නම් පෙනෙන්නේ නෑ... කොහොමෙන් කොහොම හරි අප්පච්චි ඇද ලග තිබුන පාපිස්නයට කකුල තියලා නැගිට්ටලු. කාමරයේ ජනයලය ලග ඔලුවක් පෙනෙනවලු හොදට බැලුවලු ඒත් ඔලුවක් තමයි දැන් ඉතින් මොකද කරන්නේ ,මේ යකා ජනයලෙන් අත දම දමා මොනවාදෝ ගන්නවලු අප්පච්චිත් ඉතින් යකාටවත් බය නෑනෙ හිමින් හිමින් ජනයලය ලගටම ගිහින් එළියට අත දමලා ඔහෙ හිටපිය ..ති... ...තා.. වගේ හොද වචන ටිකකුත් කියාගෙනම උගෙ අතින් අල්ලගෙන අත ඇතුලට ඇදලා. මුගෙත් මර බියටද කොහෙද, අත කොහොම හරි ඇදලා අරගෙන.අප්පචිචි අත කඩන්නම් කියලලු බැලුවේ. ඒත් වැඩේ හරි ගියේ නම් නෑ ,එතනින් ඉවර උනේ නෑ එතකොටම අප්පච්චි කිව්වා චුටි පුතා තුවක්කුව ගේන්න කියලා අපිට කොහෙන්ද තුවක්කු මට ඇහැරුනා ඇහැරුනා තමයි, මමත් ඈදේ පොල්ලක් අරගෙන කරුවලේ බිත්තියෙත් හැප්පිලා කොහොම හරි එලියට බැහැලා බැලුවා මොකෙක්වත් නෑ.උදේම අපි හොරා ආව අඩි පාර බැලුව ආව පාර කෙසේ වෙතත් බයටද කොහෙද ගිය පාර නම් අඩි 5න් 5න් වගේ තියෙනවා ඒක තියෙන්නෙත් එක ගෙදරකට යන පාර ලගට විතරයි. ඔන්න හැබැයි අපේ ගෙදරට ආව හොරාට මොකුත් ගන්න බැරි උනා.

9 comments:

Chanaka Aruna Munasinghe said...

දැන් එයා හොරා මේ බ්ලොග් පෝස්ට් එක කියෙවුවොත් දැනගනියි ගෙදර තුවක්කුවක් නෑ කියලා :D

Kanishka said...

හෙහ් හෙහ්.. මරු සීන් එක :D

Praසන්ன said...

හොරා කොහොම වෙතත් ගෙදර මනුස්සය බිත්තියෙ හැප්පිලා ඔලුව පලාගන්න ඇති.

Ruksha said...

ඔලුව පැලිල්ල කෙසේ වෙතත් දවස් දෙක තුනක් අත ගගා ඉන්න උනා..

Anonymous said...

වෙලාවට චූටි පුතා ඇහුවෙ නැත්තේ
" කොහෙ තියන තුවක්කු ද " කියල

Sachin said...

චූටි පුතාට බය හිතුනෙ නැද්ද
මම නම් ඉතින් මොන සද්දෙ ඇහුනත් නිදි වගේ තමයි

Ruksha said...

සටහනක් තැබූ හැමෝටම තුති... කොහොමෙන් කොහොම හරි ආපු හොරා හිතන්නේ තුවක්කුවකුත් තියෙනවා කියලානේ....

Anonymous said...

horath meka kiyewwa nam dan pora dannawa gun 1k na kiyala. :D
nxt time RPG akak wath thamy mathak karanna wenne.. :D

obadiahkadrmas said...

Best Casino Sites & Apps - Mapyro
Best Casino Sites & Apps: Best 태백 출장안마 Casino Sites & Apps. New Casino Sites added daily! · Slots Casino · 나주 출장안마 VegasSlots · VegasSlots · 삼척 출장안마 Online Bingo 삼척 출장마사지 · 밀양 출장샵 Vegas Casino

Post a Comment