Sunday, November 21, 2010

මිහින් ලංකා සහ ගුවන් හමුදාවට චීන ගුවන් යානා 6ක් ..!

මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා චීන සමූහාණ්ඩුවෙන් මගී ප්‍රවාහන යානා 6ක් මෙරට ට ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව කියවේ.

චීනයේ ෂියැං ගුවන් යානා සමාගමේ (Xi'an Aircraft Industrial Corporation) නිෂ්පාදිත Xian MA60 ගුවන් යානා 6ක් සඳහා මෙරටින් ඇණවුම් ලැබී ඇති අතර චීන රජය විසින් සහන පදනමක් යටතේ ණය පහසුකම් සපයා ඇති බව ද කියවේ. ආසන 56කින් සහ එන්ජින් දෙකකින් යුත් මෙවන් එක් යානාවක් ඇ.ඩො. මිලියන 12.5ක් වන අතර වසර 2000 සිට මෙම යානාවන් නිෂ්පාදනය වේ.

රාජ්‍ය හෝ ආයතනයක් සතු වැඩිම යානාවන් ප්‍රමාණයක් සමගින් දැනට අභ්‍යන්තර ගුවන් සේවාවන් සඳහා දායක වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඉහත ඇණවුම යටතේ යානාවන් 4ක් ලබා දීමට නියමිත අතර එම යානාවන් 2011 වසරේ මුල් කාර්තුවේ දී මෙරටට ලැබීමට නියමිත වේ.

මේ අතර ඉතිරි යානාවන් දෙක මිහින් ලංකා ගුවන් සමාගම වෙත ලබා දීමට නියමිත අතර එම යානාවන් දෙක 2010 වසර ඇතුලත ලබා දෙනු ඇත.
දැනට ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපොළ දෙකක් ඉදිවෙමින් පවතින අතර ඊට සමගාමීව දිවයිනේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන් ඉහළ නැංවීම සඳහා කටයුතු කෙරෙමින් පවතින බවද කියවේ.

1 comments:

ඉලංදාරියා said...

එහෙනම් අපිත් ඉස්සර දවසක උඩුන් යයිද බලමුකෝ වෑඩේ වෙන හෑටි...

Post a Comment